දෑසේ ඔය රුව මැවිලා..නෑ ලඟ සැනසුම රැදිලා..කාලය හෙමිහිට ගෙවිලා..යයි තව අපි දුර ඇදිලා...
හදවත ගැහෙනා... ගැහෙනා මොහොතක් පාසා.. මතකෙට එන්නෙ ඔය ඇස් දෙකමයි සැමදා.. ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා.. මේ සංසාරේ ඔබෙ සතුටයි මට ඕනා..
රෑ අහසේ තරු නෑ දැන් හිනහෙන්නේ.. ඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේ.. මගෙ ලෝකේ.. ඔබ පමණයි මට උන්නෙ.. ඔබ ගියදා දුක විතරයි මට ලැබුණේ..
පාළුවේ... තනිවෙලා.. මා ඉන්නවා ඔබ ලගින් උන්නු කාලයේ දුන් ආදරේම ජීවිතේ වෙලා...
හදවත ගැහෙනා ....
මා දන්නා කවුරුත් නෑ ඔබ වාගේ.. දුක දන්නෙ කවුරුද මගෙ ඇස් වාගේ..
සැනසෙන්නම් උන්නානම් නෙතු මානෙ.. මිය දෙන්නම් ළගටම වී ඔය තුරුලේ...
පාළුවේ... තනිවෙලා.. මා ඉන්නවා ඔබ ළගින් උන්නු කාලයේ.. දුන් ආදරේම ජීවිතේ වෙලා...
හදවත ගැහෙනා....
ගායනය - විරාජ් පෙරේරා
0 comments:
Post a Comment