Wednesday, December 24, 2014

සියලු දෙනාටම සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා....!

Saturday, November 22, 2014

මනමාල සිතක් තිබුනද ළගින්
උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ
ළගින් ඉන්න පින් මදිවද හදට
ඔය නුබේ
ඉතින් දෙන්නකෝ අවසර රැදෙන්නට
හදේ..

මනමාල සිතක් තිබුනද ළගින්
උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ

නලරැලි මත අදිමින් කියු ආදර
කතාව කොහිදෝ
ළංන්වෙන්නට නුබගෙ සිත
අතිවද අද වෙන කෙනෙකුගෙ ඇසුරේ
බිදක් මතක නම් මං ගැන
අසුර පෙර ලෙසේ
සැමදා ඉන්නම් මා……

මනමාල සිතක් තිබුනද ළගින්
උන්නු දා...

නැත කිසිදින වැටුනේ වෙන
ළදකගෙ ආදර දැහැනේ
සිත තවමත් එහෙමයි ඔබ ගැන
උන් හැටි ලෙස ඉස්සර දවසේ
වෙන්වෙන්නම් කීවොතින් ඔබේ ඔය
මුවෙන්
හැරයන්නම් මා…..

මනමාල සිතක් තිබුනද ළගින්
උන්නු දා...... ෴

» දිනේෂ් තරංග

°°Internet එකේ රස්තියදුවේදි අහුල ගත්ත ටිකක් තමා මේ..

මේ දවස්වල වැඩියෙන්ම අහෙන්නෙ ඉතින් පොදු අපේක්ෂ්කයනේ
ඔන්න ඉතින් එයත් ආවලු... LOl..

*සැ.ළ මෙහි පළවන දෑ හුදෙක් විනෝදාස්වාදය සදහාම පමණකි . කිසිවෙකු හට අපහස කිරිමක් සිදුකිරිම අරමුණ නොවන බව සියළු දෙනා හට Admin වශයෙන් මම ඉතා කාරුණිකව දන්වා සිටිමි ..

»යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න අමතක කරන්න එපා...
®HBA

▒█████████████▒ ▒█═════███████▒
▒██═══████████▒
▒██═══████████▒
▒██═══████████▒
▒██═══████████▒
▒██═══███═══██▒
▒█═════════███▒
▒█████████████▒
▒████═════████▒
▒█████═══█████▒
▒█████═══█████▒
▒█████═══█████▒
▒█████═══█████▒
▒█████═══█████▒
▒████═════████▒
▒█████████████▒
▒█═════██═══██▒
▒██═══██═══███▒
▒██═══█═══████▒
▒██══════█████▒
▒██═══█═══████▒
▒██═══██═══███▒
▒█═════██═══██▒
▒█████████████▒
▒█═════════███▒
▒██═══███═══██▒
▒██═══████████▒
▒██══════█████▒
▒██═══████████▒
▒██═══███═══██▒
▒█═════════███▒
▒█████████████▒

https://facebook.com/harshanageadaviya

Monday, November 17, 2014

ඔබ නිතර භාවිතා කරන මෘදුකාංග වල කෙටි මං ඩෙස්ක්ටොප් එක මතට එක් කර ගැනීමට හා පහසුවෙන් ඒවාට ළඟා වීමට ඩොක් එක හරහා අවස්ථාව ලැඛෙනවා.

 ඩෙස්ක්ටොප් එක අලංකාර කරගැනීම සඳහා තවත් ආකර්ෂණීය පහසුකම් රාශියක් සහිත මෘදුකාංගයක් මේක. පරිගණකය කිසිදු Slow වීමක් වෙන්නෙත් නෑ. Rocket Dock මෙය ඉතා ජනප්‍රිය මෙන්ම සරළ මෘදුකාංගයක්.

ඔබත් දිනපතා දකින ඩෙස්ක්ටොප් එකට මේ ගැජට් එක එක් කර බලන්න හරිම ලේසියි පහසුයි.අපිට ඕනෙ ශෝට්කට් එකක් දා ගන්නත් පුලූ‍වන්. ස්ලෝ වෙන්නෙත් නෑ. මේ පහත තියෙන්නේ ස්ක්‍රීන් ෂොට්..


Technical Details -

  • Software Name : Rocket Dock
  • File size : 6.20 Mb
  • Requirements : Windows XP / Vista / Windows7 / Windows8
  •  License : Free
  •  Publisher web site : www.rocketdock.com



ඔන්න අද කාලෙකට පස්සෙ Tech කතාවක් ගෙනාවා.. වැඩි කතාවක් නතුව බලමුකෝ අද Tech කතාව..
න්න අද කියලා දෙන්න යන්නේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ටිකක් වැඩි කරගන්න විදිය,

 කිසිම සොෆ්ට්වෙයා එකක් ඕනේ නෑ මේ වැඩේට. පහලින් දාන්නම් ස්ටෙප් බයි ස්ටෙප් මේ සීන් එක කරන විදිය.






පොඩි Run කමාන්ඩ් එකකින් තමයි වැඩේ කරන්නේ. 
01. ඉස්සෙලම Start-Run  හරි Windows Key + r Press කරන්න.


02. දැන් Run එකේ gpedit.msc  කියලා ටයිප් කරන්න.


03. දැන් මෙන්න මේ Local Group Policy කියන ටැබ් එක ඒවි.


04. දැන් මෙන්න මේ Path එකට යන්න 
Administrative Templates ---> Network ---> QoS Packet Scheduler 



 05.  දැන් , Limit reservable bandwitdh , කියන එක ඩබල් ක්ලික් කරන්න. ඒකේ තියෙන  ,Limit reservable bandwitdh, කියන එක Enabled, කරලා Bandwidth limit එක ,0, ( බිංදුව )  කරලා Ok කරන්න. 



දැන් බලන්නකෝ ඔයා ඉනටර්නෙට් එකේ රවුමක් එහෙම දාලා අතට දැනෙන ස්පීඩ් එකක් ලැබිලා ඇති. මේකෙදී ඩවුන්ලෝඩ් ස්පීඩ් එකනම් වැඩි වෙන්නේ නෑ ඉන්ටර්නෙට් බ්‍රව්සින් ස්පිඩ් එක තමයි වැඩි වෙන්නේ...

Tuesday, November 4, 2014

අපේ අහිංසක ආදරේ ලොවම එරෙහිවන ලොවට වසන් වන අපේ අහිංසක ආදරේ  අපේ අහිංසක ආදරේ ...

උයන් කොනක හිද සිසිලස විදිනු බැරී
අවන් හලක ළැග දොඩමළු වන්න බැරී
පවන් රොදක නැග සිහිනෙක වෙලෙනු බැරි
අපේ අහිංසක ආදරේ ..

කීවත් කෙනෙකුට අදහාගන්න බැරී 
කියන්නෙ කෙලෙසද මටවත් සිතනු බැරී
රන්හුය පටලා කෙලවර දකිනු බැරී
අපේ අහිංසක ආදරේ

අපේ අහිංසක ආදරේ  ලොවම එරෙහිවන ලොවට වසන් වන අපේ අහිංසක ආදරේ 

අපේ අහිංසක ආදරේ ....

~ අමරසිරි පීරිස් ~

Friday, October 31, 2014

Internet එකේ  රස්තියදු පාරක් ගහද්දි අහුල ගත්ත ඒවා ටිකක් තමා මේ ...
මම හිතුවා ඒවා ඔයාලා එක්ක බෙදා ගන්න..
මේ වගේ Post ඔබ සතුව අත්නම් අපිට  e-mail කර එවන්න..

*සැ.ළ මෙහි පළවන දෑ හුදෙක් විනෝදාස්වාදය සදහාම පමණකි . කිසිවෙකු හට අපහස කිරිමක් සිදුකිරිම අරමුණ නොවන බව සියළු දෙනා හට Admin වශයෙන් මම ඉතා කාරුණිකව දන්වා සිටිමි ..

»යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න අමතක කරන්න එපා ..

Wednesday, October 29, 2014

දැන් යන විදියට මෙහෙම උනේ නැත්තන් පුදුමයි..

#මේ රාජපක්ෂ යුගයයි....  Lol :-D

මෙය අප අද සිට පටන් ගන්නා ලද අලුත් වැඩක් ..

*සැ.ළ මෙහි පළවන දෑ හුදෙක් විනෝදාස්වාදය සදහාම පමණකි . කිසිවෙකු හට අපහස කිරිමක් සිදුකිරිම අරමුණ නොවන බව සියළු දෙනා හට Admin වශයෙන් මම ඉතා කාරුණිකව දන්වා සිටිමි ..

»»Don't Forget Share

Tuesday, October 14, 2014

There was a Boy and a Girl,
They were best friends for years and years,
They could Talk for hours on the Phone and
text each other for days,
When They were Together;
Not a single Sad Thought could cross their
Minds,
everything was Great, But One Day;
The Boy did not Answer any Call or Reply
to any Text for a Day,
The Girl was worried that something was
Wrong..
at night She couldn’t Sleep.., She was sitting
in her Room Crying,
and It was then that She Realized how much
He Means to Her..?
The next Morning;
She woke Up from a Phone call.., It was the
Boy..:)
Boy : Hey..,
Girl : I am so glad that you Called Me, What
happened to you yesterday ??
Boy : I was Busy
[ The GIRL Understood that;
Something was Wrong but could not Ask]
[silence]
Boy : You know..; We should Stop talking..!
Girl: What??.., But Why ??
Boy: I am Sorry, Bye..!
[He Disconnected the call, and She Felt as If
Somebody
had Slammed the door on Her face]
Everything else Flashed in Her Mind,
Tears :
Cars running by Her..
Roof of some building..and Sunset..
She couldn’t understand anything..
She started Feeling Lonely, rejected, and
broken..:’(
That was the answer to everything! His words
were pouncing on her..
Her heart wanted to jump out!
He was the One..! “Why..??”
She Screamed at the Top of her Voice;
Then She made up Her Mind to make a last
Try to get Him Back..!
[She called Him Up]
Girl: hi…
Boy: Why are you calling Me?
Girl: I need to tell you Something..
Boy: Go Ahead.
Girl: I Just Wanted You to know one thing
before we stopped talking!
Boy: Tell me..!
Girl: Are you All right?
[She broke off..!
She tried but may be he doesn't really Care
about Her,
She Thought!
She wasn't His friend in the first Place...
Tears were slowly running Worst :'(
She left the House with a Note..!
[5 hours later]
Phone Rang in the Boy’s Room,
It was the Girl’s Mum,
The girl was lying in the hospital, Got hit by
a Car, :’(
The Boy rushed to the Hospital where She
was.
She Opened Her Eyes with the Boy’s name..,
He took her Hand..
Boy: I am so Sorry Its all my fault..! But;
I promise when U get better I’ll make It up
to You..:(
Girl: I wont get Better..
Boy: No..! No Don’t say that..:(
Girl: just tell me one thing Why did you do
it?
Boy told her that He had a Heart problem ‘n
he did not want her to be worried;
‘n there was a risk that he could have Died..!
Boy: I did that because I…..I…..I Love
you..?
Girl : I LOVE YOU TOO..? and After That
her heart Stopped Beating… She Died..!
The Boy died 10 min's later from a Heart
Attack..
He could not live with the thought that She
died Because of Him..
-Moral:
If You Love Someone…;
Then Don’t Hold Back Your Feelings…
because Love is The Reason to Live..!
Love is Beautiful..?

©

Saturday, October 4, 2014


                          නැනෝ තාක්ෂණය වර්තමානයේ ලොව පුරාම අවධානයට, සාකච්ඡාවට, ප‍රීක්ෂණ වලට වගේම අභියෝගයට ලක්වී ඇති ක්ෂේත්‍රයකි. විවිධ ක්ෂේත්‍ර තුළ මේ ගැන ප‍රීක්ෂණ සිදු කෙරෙමින් පවතී. මෙය නිසා ලොව පුරාම විශාල වෙනසක්, පුදුම සහගත පෙරළියක් සිදුවෙතැයි සියළු දෙනා බලාපොරොත්තු වෙති. ගල් යුගයෙන් අරඹා, ගින්ද‍ර සොයාගෙන, රෝදය නිෂ්පාදනය කර, ක්‍රම ක්‍රමයෙන් දියුණු වී ලෝහ සොයා ගැනීමත් සමඟ කෘෂි කර්මාන්තයේ හා අනෙකුත් ක්ෂේත්‍ර වල විශාල දියුණුවක් සිදු විය. ඉන් පසු කාර්මික විප්ලවය සමඟ තවත් නව සොයා ගැනීම්, දියුණු කිරීම් සිදු විය. මේ එම කාර්මික විප්ලවයේ ඊළඟ අදියරයි, නැනෝ තාක්ෂණය හ‍රහා සිදු වීමට යන දියුණුව.
නැනෝ තාක්ෂණය 1959 දී රිචඩ් ෆෙමන් නම් භෞතික විද්‍යාඥයා හ‍රහා ආරම්භ විය. ඔහු ඒ සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගයෙන්ද පිදුම් ලැබුවේය.
කුඩා බව, වේගවත් බව හා ලාභදායිකම නිසා නැණෝ තාක්‍ෂණය ලොව පුරා ජනප‍්‍රියව පවතී. නැණෝ මීටරය එහි වූ මිණුම් දණ්ඩයි.
අප හඳුනන මීටරයකින් බිලියනයකින් එක් කොටසක් වූ නැණෝ මීටරයක විෂ්කම්භය අපගේ කෙස් ගසක විෂ්කම්භයට වඩා 50,000 වාරයකින් කුඩා ය. නැණෝ අංශුවක් එල්ලේ ක‍්‍රීඩා කරන පන්දුවක් සමඟ සසදා බලන්නේ නම් එල්ලේ පන්දුව නැණෝ අංශුව මෙන් 107වාරයක් (10,000,0000) විශාලය.
නැනෝ ප්‍රමාණ පිළිබද සංසන්දනයක්
ප‍්‍රමාණය එසේ වුවද, නැණෝ තාක්‍ෂණික නිමැයුම් හා ද්‍රව්‍ය ගැන සලකා බැලීමේ දී, ඒවායේ වු සැහැල්ලූ බව, ශක්තිමත් බව, විනිවිදභාවය සහ කි‍්‍රයාශීලිභාවය, ඉක්මන් ප‍්‍රතික‍්‍රියාකාරීභාවය වැනි ගුණාංග සහ වෙනත් ද්‍රව්‍ය හා මිශ‍්‍ර කිරීමෙන් පසු එකී ද්‍රව්‍යයන්ට ලබාදෙන අතිමහත් ශක්තිය හා කාර්යක්ෂම බව නැණෝ තාක්‍ෂණය කෙරේ ලෝකයේ ම අවධානය යොමු වීමට හේතු විය.
වර්ෂ 2015 දී සපුරා ගත යුතු ඉලක්ක කේන්ද්‍රකොට ගනිමින් වර්ෂ 2010 දී ජර්මනිය දියත් කළ පස් අවුරුදු නැණෝ තාක්‍ෂණ අභිවෘද්ධි කි‍්‍රයාන්විතය සඳහා වෙන් කරන ලද මුදල යුරෝ මිලියන 400 කි. මෙම මුදල නැණෝ තාක්‍ෂණය වැඩි දියුණු කිරීම උදෙසා බටහිර යුරෝපීය රටක් වෙන්කළ විශාලම මුදල සේ සැලකේ.
බලශක්තිය, දේශගුණය, සෞඛ්‍යය සහ ආහාර, ආරක්‍ෂාව සහ සංචලනය (mobility) යන ක්‍ෂ්ත‍්‍රයන්හි සංවර්ධනය සහ අධි තාක්‍ෂණික උපාය මාර්ග වැඩි දියුණු කිරීම, නැණෝ තාක්‍ෂණික ක‍්‍රමවේදයන් තුළින් තම දේශය වෙත දිනා ගැනීම එහි අපේක්‍ෂාව යි.
ජර්මනිය හැරුණ විට නැණෝ තාක්‍ෂණය උදෙසා විශාල මුදලක් වාර්ෂිකව වෙන් කරනු ලබන අනෙක් රට වන්නේ චීනයයි. එම මුදල ඇමරිකානු ඩොලර් මිලියන 250 කි. රුසියාව වාර්ෂිකව ඩොලර් මිලියන 25 ක් ද, අපේ අසල්වැසි ඉන්දියාව වසරකට ඩොලර් මිලියන 23 ක්ද, නැණෝ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා වැය කරයි.


නැනෝ තාක්ෂණයේ භාවිතයන් කිහිපයක්

නැනෝ නාල

1991 දී ජපන් විද්‍යාඥයෙකු විසින් සොයා ගැණුනු කාබන් නැනෝ නාල, දැන් විවිධ පරීක්ෂණ සඳහා මහා පරිමාණයෙන් නිෂ්පාදනය වෙයි.

නැනෝ පෙරණ

මෙතෙක් කල් භාවිත කරන ලද පෙරහන් හරහා කුඩා ක්ෂුද්‍ර ජීවීන්ට සංසරණය විය හැකිය, නමුත් මෙම නිනිති පෙරහණ්, කිසිදු ජීවියෙකුට යා නොහැකි පරිදි සකසා ඇත. මෑතකදී මහත් ආන්දෝලනයට පාත්‍ර වූ "සාස්" වයිරසය ශරීර ගතවූ රෝගීන් පරික්ෂාවේදී වෛද්‍ය කණ්ඩායම් මෙවැනි නැනෝ පෙරහන් භාවිතා කළහ.

නැනෝ තාක්ෂණයේ යෙදවුම්

නැනෝ තාක්ෂණය අතිශය බහු ක්ෂේත්‍රීය වූ ක්ෂේත්‍රයක් වන අතර ව්‍යවහාරික භෞතික විද්‍යාව , ද්‍රව්‍ය විද්‍යාව , අතුරු මුහුණත් හා කලිල විද්‍යාව , උපකරණ භෞතික විද්‍යාව , අති අණුක රසායන විද්‍යාව ( අණුවල සහ සංයුජ නොවන බන්ධනමය අන්තර්ක්‍රියා අරමුණු කොට ඇති රසායන විද්‍යා කොටස වේ.) ස්වයං ප්‍රතිගුණ යන්ත්‍ර සහ රොබෝතාක්ෂණය ,රසායනික ඉංජිනේරු විද්‍යාව ,යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, ජෛව ඉංජිනේරු විද්‍යාව හා විදුලි ඉංජිනේරු විද්‍යාව යන ක්ෂේත්‍රවලින් නැනෝ තාක්ෂණයට දායක වේ. නැනෝ තාක්ෂණය යටතට විද්‍යා ක්ෂේත්‍ර කාණ්ඩ කිරීම නැනෝ පරිමාණයේ කටයුතු මෙහෙයවන විද්‍යාවන් වෙන්කර ගැනීමේ අපහසු කම ගැටළුවක් බවට පත්ව තිබේ. විද්‍යාවේ සියලු ක්ෂෙත්‍රයන් අතර පොදු වන එකම තාක්ෂණික යෙදුම් කාණ්ඩය උපකරණ භාවිතය වේ. එය නොසලකා හැරී විට ඖෂධ නිෂ්පාදන සමාගම් සහ අර්ධ සන්නායක නිෂ්පාදන සමාගම් අතර වෙනත් සම්බන්ධතා නොතිබෙන අතර එසේ තිබීමේ අවශ්‍යතාවක්ද නොපවතී. නමුත් මෙම ක්ෂෙත්‍ර යුගලේම නැනෝ පරිමාණ හැසිරවීම් සඳහා උපකරණ භාවිත වේ. තවද තම නිෂ්පාදනය නැනෝ තාක්ෂණය යැයි නම් කරන සමාගම් පවා සිය නිෂ්පාදන කිසියම් නිශ්චිත කාර්මික ක්ෂේත්‍රයකට පමණක් වෙළඳාම් කරනු ලබයි.

කෘෂිකර්මාන්තය

කෘෂි කර්මාන්ත විෂයෙහිලා හඳුන්වා දී ඇති නැණෝ සෙන්සර් (nano sensors) නමැති සංවේදී උපකරණ මගින් කෘෂි කාර්මික බවභෝග වර්ධනයේ දී ඒවායේ නිරෝගී භාවය නිරීක්‍ෂණය කොට දත්ත ලබා දීමත්, සක‍්‍රීය නැණෝ අංශු මගින් පසෙහි වූ අහිතකරතාවයන් ඉවත් කරලීමත් සිදු කෙරේ. මෙබදු නැණෝ සෙන්සර් ජාලා පද්ධති මගින් භව භෝගයන්ට වෛරස් වර්ග මගින් වැළදිය හැකි රෝග කල්තියා හඳුනා ගැනීම, පසෙහි සරු බව සේම, භෝග වලට ඉතා කාර්යක්ෂමව, වර්ධනයට අවශ්‍ය පොහොර සහ කෘමි නාශක නැනෝ කැප්සුල (nano capsuls) මගිවන් නිශ්චිත ඉලක්කයටම ලබා දීම සැබැවින්ම විශ්ම ජනකය. තවද මේ වන විට ආහාර සැකසීම සේම සෞඛ්‍යාරක්‍ෂිතව ගුණාත්මක භාවයට හානි නොවන පරිදි ආහාර වර්ග ඇසුරුම් කිරීමට ද නැණෝ තාක්‍ෂණය වර්තමානයේ දී භාවිතා කෙරේ.

පශු සම්පත් සංවර්ධනය

මීට අමතරව පශු සම්පත සංවර්ධනය සඳහා ද වර්තමාන ලෝකය නැණෝ තාක්‍ෂණය භාවිතා කරයි. නැණෝ අංශු මගින් පශු සම්පත සඳහා වර්ධක හෝමෝන, එන්නත් සහ ජාන ඉංජිනේරු තාක්‍ෂණය සඳහා DNA භාවිතා කිරීමේ ක‍්‍රමවේද පහසු කොට තිබේ.

රෙදි පිළි කර්මාන්තය

රෙදි පිළි කර්මාන්තයෙහි නව මානයක් ඇති කරමින් රෙදි සේදීමේ දී වදයෙන් ඔබව මුදවා ගැනීමට දැන් නැණෝ තාක්‍ෂණයට හැකි වී තිබේ. නැණෝ පර්යේෂකයින් විසින් සාර්ථකව අත්හදා බලා ඇති පරිදි වූල් (wool) වර්ග සහ සිල්ක් (silk) වර්ග වල රෙදි, නැණෝ තාක්‍ෂණය ඇසුරෙන් නිපද වූ මේවා (nano fabric) එහි රැදෙන කුණු පැල්ලම් නැණෝ අංශු මගින් කා දැමීම නිසා ගෙදර ගෘහණියට හෝ ඔබට රෙදි සේදීම ගැන ඉදිරියේ දී කරදර විය යුතු නොවේ.

පිරිසිදු කිරීම්

එසේම මේ අයුරින්ම නිපද වූ නැණෝ රසායනික දියර මගින් (ස්පේ‍්‍ර කිරීම මගින්) ඔබගේ මුළු තැන්ගෙයි ඇති දැලි කුණු සහමුලින්ම ඉවත් කර දමනවා පමණක් නොව ඒවා යලි එකතු වීමද වලකා දමයි.

නැනෝ තාක්ෂණයේ ක්‍රියාකාරිත්වය

නැනෝ තාක්ෂණයේ භාවිතා කරන ප්‍රධාන ගොඩනැගුම් ආකාර දෙකක් ඇත. ‘පහළ සිට ඉහළට’ ගොඩනැගුම් ක්‍රම‍යේදී අණුක හඳුනා ගැනීම් මූල ධර්ම අනුව රසායනිකව ස්වයංව එකලස් වන අණුක කොටස්වලින් ද්‍රව්‍ය හා උපාංග නිපදවනු ලැබේ. ‘ඉහළ සිට පහළට’ පිවිසුමේ දී විශාල වස්තූන්වලින් පරමාණුක මට්ටම් පාලනයකින් තොරව නිනිති - වස්තූන් ගොඩනගනු ලැබේ. අතුරු මුහුනත් හා කලිල විද්‍යාව පිළිබඳ ඇති වූ නව උනන්දුවක් , පරමාණුක බල අණ්වීක්ෂය Atomic force microscope (AFM)හා පරිලෝකන උමං අන්වීක්ෂය Scanning tunneling microscope (STM) ආදී නව පරම්පරාවේ විශ්ලේෂක උපකරණ නිසාත් නැනෝ තාක්ෂණය පිළිබඳ උනන්දුවක් ඇතිව තිබේ. වඩාත් සූක්ෂම තත්වයේ වන ඉලෙක්ට්‍රෝන කදම්භ මුද්‍රණ ක්‍රම සහ molecular beam epitaxy, (තනි පළිඟු වෙන්කොට නිදන්ගත කර ගන්නා ලද ක්‍රමයකි) ආදිය සමග යෙදු විට ඉහත උපකරණ මගින් නැනෝ පරිමාණ ව්‍යුහයන්ට අවශ්‍ය පරිදි පාලනයට හා වෙනස් කිරීමට හැකි අතර ඒ ඔස්සේ පෙර නොවූ විරූ පුදුමාකාර සංසිද්ධීන් නිරීක්ෂණයටද ඉඩ සැලසී තිබේ.
අණුක ව්‍යුහය මත පදනම්ව බහු අවයවික නිෂ්පාදනයන්, පෘෂ්ඨික විද්‍යාව පදනම් කරගනිමින් පරිගණක විද්‍යා උපාංග පිහිටුම් සැලසුම් කිරීම නැනෝ තාක්ෂණික යෙදුම් සඳහා උදාහරණ වේ. ක්වොන්ටම් ලප හා නැනෝ තල වැනි ක්වොන්ටම් තාක්ෂණික ක්ෂේත්‍ර පිළිබඳ දැඩි බලාපොරොත්තු තබා ඇති මුත් නැනෝ අංශු කලිල ආකාරයට සමූහ වශයෙන් භාවිතා වන සූර්ය රශ්මි ආලේපන(suntan lotion) සහ වෙනත් රූපලාවන්‍ය ආලේපන ආරක්ෂක ආලේපනයත් ඖෂධ පරිවාහක සහ කුණු පැල්ලම්වලට ප්‍රතිරෝධී ඇඳුම් පැළඳුම් ආදියත් ප්‍රධාන වශයෙන්ම වාණිජමය වශයෙන් ප්‍රයෝජනවත් වූ නිපැයුම් බවට පත්ව තිබේ.

නැනෝ සංයෝග

මෙයට ඉතා කුඩා පරිමාණයේ ව්‍යුහ ඇති විශේෂ ගුණ සහිත අංශු වල ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ අධ්‍යයනය ඇතුලත් වේ.
අන්තර්කලාප හා ඛලිලමය විද්‍යාව නැනෝ තාක්ෂණය ය‍ටතේ බොහෝ අංශු වල ගුණ මෙන්ම C (nano fuhes) හා අනෙකුත් කුඩා දිලිසෙන අංශු වල ගුණ අධ්‍යයනය කළ හැක.
ඉතා කුඩා පරිමාණයේ අංශු සාමාත්යිත යෙදුම් සදහා එනම් වාණිජමය ප්‍රයෝජන සදහා බහුලව යොදා ගනී.
නැනෝ වෛද්‍ය විද්‍යාව යටතේ මෙවැනි ක්ෂුද්‍ර අංශු වෛද්‍ය විද්‍යාව සදහා යොදා ගන්නා ආකාරය සලකා බලයි. පතුලේ සිට ක්‍රමයෙන් සකස්වීමේ ක්‍රමය (Bottom up approachs) මෙහිදී කුඩා සංයෝග සංකීර්ණ සංයෝග දක්වා සකස් වීම සලකා බලයි.
DNA නැනෝ පරීක්ෂණය මෙහිදී වොට්සන් හා ක්‍රික්ගේ DNA වල ද්විත්ව හෙලික්සිය ව්‍යුහයේ භෂ්ම යුගල සකස්විම හා අනෙකුත් න්‍යෂ්ටික අමිල වල ව්‍යුහයේ විශේෂතා සලකා බලයි.
අණුවල විවිධ හැඩයන්ගෙන් යුත් සංයෝග රසායනිකව නිෂ්පාදනය කිරිම සදහා පිවිසිම.
අණු තනිව හෝ කිහිපයක් එකතු වී සකස් වීම උසස් අණුක රාසයනික විද්‍යාව යන සංකල්පය යටතේ හැදෑරිය යුතු අතර එමගින් අණුවල සකස්විම සම්බන්ධ විශේෂ තෝරතුරැ හදුනා ගත හැක...


උපුටා ගන්නා ලද්දකි.


Like us on :-  www.facebook.com/harshanageadaviya

Saturday, September 6, 2014











ආයේ එන්න පන මාගේ
ආදරේ අරන්...
ජීවත් වෙන්න, ඈ වාගේ පාළුවේ තවත්

කදුලෙල් මවා නෙතේ, මොනවද අත් උනේ..
පවසන්න ඇයි මෙසේ, සෙනහස තාමත් නොහෙගුනේ
හෙ...හේ...

තනිකම මැදින් එදා.. සමනල් රටා මවා
වචනෙන් නොකී කතා, හොරකම් කලා ඔයා...
හීනෙන් හැඩුවේ.... දුකටයි රහසේ...
තනිවී දිවියේ......

ආයේ එන්න පන මාගේ
ආදරේ අරන්...
ජීවත් වෙන්න, ඈ වාගේ පාළුවේ තවත්

කදුලෙල් මවා නෙතේ, මොනවද අත් උනේ..
පවසන්න ඇයි මෙසේ, සෙනහස තාමත් නොහෙගුනේ
හෙ...හේ...

හසරැල් මතක් වෙලා, නිතතෙන් සුසුම් හෙලා..
කන්දුලෙන් නුවන් තෙමා.. දෙනෙතක් ගිලන් වෙලා..  
පූජාසනයේ  මා නම් පතුවේ...
ඔබමයි සසරේ.........................

ආයේ එන්න පන මාගේ
ආදරේ අරන්...
ජීවත් වෙන්න, ඈ වාගේ පාළුවේ තවත්

කදුලෙල් මවා නෙතේ, මොනවද අත් උනේ..
පවසන්න ඇයි මෙසේ, සෙනහස තාමත් නොහෙගුනේ
හෙ...හේ............. ~


                                                                                                              

                        






-Harshana Senevirathna-

පැතු සෙනෙහේ සේයාරූ මහදේ තියා...
ඇදි සිතුවම් හොරෙහින් මා ළගටම තුරුල් වෙලා..
හිත පතුලට උණුසුම් සුසුමක් අවිදින් සොයා..

ඒ සෙනෙහේ තමත් නෑ හීනයක් වෙලා....

කොලම් කරන් ආවත් හිත යට ගුලි වෙමින්....
හිමි නොව වදන් මතකද නිල් අහසට තරම්...
         
නොනිදා නෙතේ නවතී නම්....
හිත ඈතින් ඈතට ආවද ළන් වෙලා......

ඇපි හීනෙන් හීනෙට පාටක් ගැවිලා........

මායම් හිතේ ආදර හැගුමන් තවරමින්
හුස්මක් දුරින් නැවතුනු හැටි පුදුමයි ඉතින්....

රැදෙනා හිතේ.... සුසුමක් තරම්...
සන්සාරෙම හුරු ඒ සුවදේ පැටලිලා..
.
මගෙ ජීවිත ගමනට ඔය නෙතු ඉගි කලා.....

පැතු සෙනෙහේ සේයාරූ මහදේ තියා...
ඇදි සිතුවම් හොරෙහින් මා ළගටම තුරුල් වෙලා..
හිත පතුලට උණුසුම් සුසුමක් අවිදින් සොයා..

ඒ සෙනෙහේ තමත් නෑ හීනයක් වෙලා.........~

       



- Harshana Senevirathna -                                                                                                      *# Anu 

                               

                                                                                                                                              

                                                               

Visit 2000 ක් සම්පුර්ණ කල මේ වෙලාවේ මුලින්ම මගේ බ්ලොග් අඩවියට පැමිණි ඔබ සැමට මාගේ හද පිරි ප්‍රණාමය පිදිය යුතුය...


ඉදිරියටත් හර්ෂණගේ බ්ලොග් අඩවියත් සමග එක්ව සිටී යැයි මම බලාපොරොත්තු වෙමි.
ඒ වගේම මෙතෙක් කල් නන් අයුරින් උදව් කල සැමට මාගේ හද පිරි ප්‍රණාමය නැවතත් පිදිය යුතුය...


 *#Anu

Android වල තියන Lock එක පරිගණකයට දාමු.. රූපෙ දැක්කම ගොඩක් අය මේ Android Lock එක දන්නවා...
මේක පොඩිම සොෆ්ට්වෙයා එකක්..වින්ඩෝස් පරිගණක සදහා මෙය බාවිතා කරන්න පුලූවන්

මේ Lock එකේ නියම දේවල් ගොඩක් තියනවා..

අපිට මේකේ සෙටින්ග්ස් වලින් හදාගන්න පුලුවන්. මේකෙ පරිගණකය On වෙද්දිම එන විදිහට හදා ගන්න පුලුවන් ඒ වාගෙම මේකෙ පාස්වර්ඩ් එක 3 සැරයක් වැරදියට ගැහුවොත් එලාම් එකක් ඇහෙනවා ඒක විනාඩියක් විතර ඇහිලා නවතිනවා...

බලන්න ස්ක්‍රීන් ශොට් එකක්..

  • Try It...
  • Comment

Wednesday, September 3, 2014

මාර ප්‍රශ්නයක් නේ.................
.ඔයා 1st shy කරන කෙනෙක් නම්,2nd, 3rd shy කරන අයට වඩා ඔයාට වෙලාව තියෙන්නේ ගොඩක් අඩුවෙන්.ඉස්කෝලෙ ගිහින් clz cut ගිහාම වෙලාවක් ඉතුරු වෙන්නේ නැති තරම්.ඒ නිසා මුල් කාලෙදිම වැඩ කරනව නම් පස්සෙ වැඩ ගොඩ ගැහෙන්නෙ නෑ. 
time table 1 කට වැඩ කරන්න පුළුවන් නම් හොඳයි. එහෙම බැරි නම්,සතියකට කරන්න ඕන වැඩ (ඔයාට පුළුවන් ප්‍රමාණයට) ලියාගෙන කරන වැඩ tick කරගන්න.
ඔක්කොටම කලින් A/l ගොඩ දාගන්න වැඩ කරනවා කියලා හිත හදා ගෙන ඉන්න...
Bio - පාඩම් කරන්න තියන පුමානය ගොඩක් වැඩි නිසා කට පාඩම් කරන්න ගියොත් වැඩ අනා ගන්න තමයි වෙන්නෙ! clz එකේ හරි schl එකේ හරි දැන් කරන පාඩම් වලට short notz ඒ කාලෙදිම හදන්න.short notz කියන්නේ notz පොඩි අකුරු වලින් ලියන එකට නෙමේ..... උදාහරනයක් : ඔයා ආහාර ජීරණ පද්ධතිය පාඩම් කරනවා නම් ඒකේ පැහැදිලි රූප සටහනක් (පාට කරන්න-එතකොට මතක හිටින ප්‍රමාණය වැඩියි) ඇදලා ඊතල ගහලා ,නම් කරන්නැතුව හිස් තියන්න.ඔයා පාඩම් කරන වෙලාවට එ් රූපෙ දිහා බලා ගෙන ඒ කොටස් ඒාගේ කෘත්‍ය, තියන එන්සයිම..... ඔක්කොම මතක් කරන්න. 
mathes -Theoryය තේරුම් අරන් ගොඩාාාාක් ගනන් හදන්න.හැබැයි 1 වගේ ගණන් 100 ක් හදලා වැඩක් නෑ.යාළුවන්ගේ clz වල දෙන ගණනුත් හොයා ගෙන හදන්න.free periodz වල aftr schl එහෙම set වෙලා වැඩ කරනව නම් හොඳයි. 
chem - පාඩම් කරන්න දේවල් තියනවා ගොඩක් අන්තිම පාඩම් වල.(කර්මාන්ත,පරිසරය,inorganic.........)shrt notz හදා ගන්න 1 ඇඟට ගුණයි!
p6 - ගනන් හදන්න අතයවශ්‍ය සමීකරණ ටිකයි පොඩිTheory කෑලි ටිකයි දාලා shrt not 1ක් හදන්න.පුළුවන් තරම් pprs කරනවා නම් හොඳයි.
 subject 3 ටම කරලා තියන පාඩම් වල past paper ප්‍රශ්න කරන්න... 
Good Luck............!!






 ඇස, කණ, නාසය, දිව, සම යන සංවේදී අවයව පහෙන්ම මොලයට ඇතුලු වෙනු ලබන තොරතුරු සමූහයම මතකයේ රැන්දෙන්නේ නැහැ. විභාගයකට සූදානම් වීමට ප්‍රථම තමාගේ මතක ශක්තිය හොඳ මට්ටමකට ගෙන ඒමට මතක වර්ධනය වන දේ කල යුතුයි. සුළු වේලාවක් හා දීර්ඝ කාලයක් මතකයේ රැදෙන විවිද තොරතුරු ස්වභාවයෙන්ම අපගේ මානසික සෞඛ්‍ය යහපත් වීම සදහා මතක ගබඩාවේන් කාලයත් සමග අමතක වී යනවා.නමුත් විභාගයකට සූදානම් වන්නෙකුට ‍වගේම ඕනෑම අයෙකුට යම් තොරතුරු ප්‍රමාණයක් දීර්ඝකාලීනව තම මතකයේ තබාගැනීමට එම මතක තබා ගන්නා ලද තොරතුරු නැවත ස්මරණ කිරීම සහ යාවත්කාලීන වීම වැදගත් වනවා. ඒ සදහා ඔබට මෙම තොරතුරු වැදගත් වේවි.


01: ඔබ අධ්‍යයන විෂයට හා එම මාතෘකාවට ඔබගේ සම්පූර්ණ අවධානය යොදවන්න.

මතකයේ ප්‍රධානම ලක්ෂණය අවධානයයි. ඔබට අවධානය නොමැතිව කිසිඳු දෙයක් ඉගෙනීමට නොහැකිය.යම් තොරතුරක් මුලින්ම කෙටි කාලීණ මතකට පවා ඇතුලත් වීමට අවධානය කියන දේ අවශ්‍යයි. ඔබ අවධානය යොදනු ලබන ප්‍රමාණය මත සහ ක්‍රම මත එම තොරතුරු කෙටි කාලීණ මතකයේ සිට දීර්ඝකාලීණ මතකයට යනු ලබන ප්‍රමාණය තීරණය වේ.ඔබට අවට පරිසරයේ උස් හඩක් පවා නොඇසෙන තරමේ අවධානයක් යෙදවිය හැකිනම් අනිවාර්යෙන්ම එම තොරතුරු ඔබගේ දීර්ඝ කාලීන මතකයේ රැදෙනු ඇත. කෙසේ වෙතත් ඔබගේ උනන්දුව මත අවධානය වෙනතකට යොමු වන දේවල් වලින් ඈත් වීම සිදුවේ.රූපවාහිණිය නරඹණ ගමන් සහ රේඩියෝවට සවන් දෙන ගමන් හොඳින් පාඩම් කරන විට අපගේ සම්පූර්ණ අවධාණය කොටස් ‍වලට බෙදීයයි. මතකයෙහි ඉහල ‍ප්‍රතිඵල ලැබීමට නම් එක් වරකට එක්දෙයක් පමණක් කල යුතුය.

02: තොරතුරු සියල්ලම කටපාඩම් කිරීමෙන් වලකින්න.

ඔබ යම් විශය කරුනක් ඉගෙනීමේදී එහි ඇති සියලුම විශය කරුණු රාශියක් කටපාඩම් කිරීමෙන් ඔබට නිසි ප්‍රතිඵල අත්නොවෙනු ඇත. කල යුත්තේ යම් දෙයක් පාඩම් කරණවිට හැකිතරම් එයට සම්බන්දව අභ්‍යාසයන්ගේ නිරත වීමයි. මුලින්ම එයට අදාල විශය කරුණු සියල්ලක්ම කියවා එහි ඇති රූප සටහන් පිළිබඳ ඔබගේ අවදානය යොමු කර රූප සටහන් හා මුලික සිද්ධාන්ත මූලික ප්‍රභවය නොබලා කිහිප විටක් මෙනෙහි කරන්න. වචන වලට වඩා ඉතා විශාල කාර්යයක් රූප මගින් සිදු කරයි. සාම්ප්‍රදායික ආකාරයට එහි සෑම කොටසක්ම කිය‍වාගෙන යාම වෙනුවට හැකි තරම් එයට ආධාරක එක්කොට ගනිමින් එම කාර්යය යම් විනෝදයක් ගෙන දෙන ආකාරයට සිදු කිරීම ඔබේ මතකයේ වෙහෙසකාරී දත්ත ගබඩාව පහසු කරවයි.
ගණිතය ඉගෙනීමේදී එක් එක් සංකල්පයට අදාලව යම් අභ්‍යාස ප්‍රමාණයක් ඔබ කල යුතුය එවිට බොහෝවිට එක හා සමාන ගැටලු විසදීම සිදු කරන්න,පසුව සියලුම සංකල්ප එකිනෙක සම්බන්ද කරමින් එන ගැටලු විසදන්නා එවිට සියලුම විශය කරුණු හොඳින් මතකට ඇතුලු වීම වගේම එම කරුණු නැවත ස්මරණ හැකියාවද වැඩිදියුනු වේ.

03. යම් ක්‍රමාණුකූල සැලැස්මකට කරුණු පෙළ ගස්වන්න.

මෙහිදී කෙරෙනුයේ යම් තොරතුරු සමූහයක් වඩාත් සරල හා ක්‍රමාණුකූල කිරීමයි.මෙහිදී සමාන තොරතුරු එක් කොට වගු, රූප සටහන්,විවිද වර්ණ මගින්ද කරුණූ ගොණු කිරීමේදී තරු/ඉලක්කම්, ප්‍රස්තාරද හැකිනම් තාක්ෂණික ක්‍රද උපයෝගී කරගන්න.

04: තාක්ෂණික සහ ආදේශක භාවිත කරන්න.

පටිගත කරන ලද හඬ පට වලට නැවත නැවත සවන්දීම, එම විශය කරුනට අදාලව වීඩියෝ පට බැලීම, යම් විශය කරුණක් යම් ගීතයක තාලයට හෝ විහිලුවකට ආදේශ කොට කරුණු මතකයේ රදවා ගැනීම ඉතාම සාර්ථකයි.

05: නැවත නැවත ස්මරණය කිරීම

අධ්‍යයනය කරන ලද විශය කොටස් නැවත පරීක්ෂා කර ආවර්ජනය කරමින් ක්‍රමාණුකූලව සහ පිලිවෙලකට ලිවීම මගින් දැනට ඔබට ධාරණය වී ඇති ප්‍රමාණය සම්බන්දව ඔබට නිශ්චිත අවබෝදක් ලබාගත හැකිය.

06: අධ්‍යයනය කරණ ලද හා අලුතින් අධ්‍යයනය කරන දේ නිරන්තරයෙන් සන්සන්ධනය කරන්න

අලුත්දෙයක් අධ්‍යයනය කරන විට ඊට අදාල වන්නාවූ ඔබ කලින් හදාරා ඇති අත්දැකීම් තුලින් ඔබගේ අවබෝදය තිව්ද්‍ර කරගන්න

07: හැදෑරු සියල්ල ක්‍රමාණුකූලව මනසින් මෙනෙහි කරන්න.

මෙය පුරුද්දක් වශයෙන් කළහොත් අප නොදැනුවත්වම වුවද මෙය සිදු වේ. යම් විෂය කරුණක් සම්බන්දව වන සියලුම විශය කරුණු අපිට තනි රූපයකින් හා ක්‍රමාණුකූල ආකාරයකට සියලුම කරුණු ගලා එන ලෙස නැවත ස්මරණය කිරීමෙන් කෙටි කාලීන මතකයේ තිබෙන එම කොටස් දීර්ඝ කාලීන මතකයට ගමන් කිරීම වේගවත් වේ.

08: ඔබ දන්නා දේ නොදන්නා කෙනෙකුට කියා දෙන්න.

මෙමගින් තමන උගත් සියලුම විෂය කරුනු වඩා ස්ථාවර වන අතරම ආත්ම විෂ්වාසයද තර වේ.

09: අපහසු විශය කෙරෙහි වැඩි අවධානය

ඔබගේ සාමාන්‍ය අවබෝදය වන වේගයට වඩා වැඩි ආයාසයක් යොදා තේරුම් ගත යුතු විෂය කොටස් වැඩි අවධානයක් හා ඉහත සඳහන් විශේෂ ‍ඉගෙනුම් ක්‍රම හා මතක තබා ගැනීමේ ක්‍රම වැඩි වශයෙන් යොදා වැඩිපුර අභ්‍යාසයන්හි නිරත වන්න.

10: ඉගෙනුම් ක්‍රියාවලිය උදෙසා තමන්ගේම ක්‍රමයක් භාවිතා කිරීම.

දින චර්යාව, පෞරුෂය, රුචි අරුචිකම් මෙන්ම අධ්‍යයන ක්‍රියාවලින් ද පාඩම් කරන ස්ථානය, මාද්‍ය,ආකාරය සහ වේලාව වැනි දේ එකිනෙකාට විවිධ වේ. එම නිසා තමන්ට ගැලපෙන තමන්ටම සුවිශේෂී ක්‍රම තිබීම ස්වයං අධ්‍යනයේ සාර්ථකත්වයට ඉතා ප්‍රබල ලෙස හේතු වේ.

  • උපුටා ගැනීමකි.

Translate

Popular Posts

ආව ගිය කට්ටිය ගණන

දැන්වීම්

Social Icons

Featured Posts

ඔබේ අදහස් අපට එවන්න

Name

Email *

Message *

Events

Harshana

දැන්වීම්

දැන්වීම්

සිoහල සහකරු

Featured Post (Slider)

About

Text Widget

Random Posts

Social Share

Flickr

Vertical1

Gallery

Vertical2

Recent comments

Sponsor

Flickr Images

Video of the Day

Recent Comments

Powered by Blogger.

Most Trending

Popular Posts