Thursday, August 28, 2014

ලාබ ප්ලාස්ටික් වලින් නිමවූ ජංගම දුරකථන වෙනුවට ලෝහ වලින් නිමවූ ප්‍රථම ජංගම දුරකථනය පසුගිය දා Samsung සමාගම විසින් නිකුත් කෙරුනා. Galaxy Alpha ලෙසින් නම් කරලා තියෙන මේ ජංගම දුරකථනය නුදුරේදී නිකුත් වීමට නියමිත iPhone 6 හා තරඟයට නිකුත් කරන ලද්දක් විදියටයි හැඳන්වෙන්නේ. iPhone 6 හි මෙන්ම අඟල් 4.7ක තිරයක් සහිත මේ ජංගම දුරකථනයට 12 මෙගා පික්සල් කැමරාවක්ද ඇතුලත්.
ඒ වගේම මේ නව ජංගම දුරකථනයත් සමඟ සැම්සුන් සමාගම සිය දුරකථන Designs සඳහා අලුත්ම Flat Metal Design එකක් හඳුන්වා දීලා. එසේ වුනත් හැඩය නම් Galaxy S5 සමඟ බොහෝදුරට සමානකම් පෙන්වනවා.‍

Galaxy S5 හි අලුතෙන් හඳුන්වා දුන් WiFi හා LTE දෙකම එකවර භාවිත කල හැකි Download Booster, වැඩි බැටරි ආයුකාලයක් සඳහා උදව් වන Ultra Power Saving Mode වගේම Finger Print Scanner එකක් වැනි පහසුකම්ද ඇතුලත්.
මේ නව ජංගම දුරකථනය බලගැන්වෙන්නේ Octa Core (quad 1.8GHz and quad 1.3GHz) ප්‍රොෙසසරයකින් නිසා පහසුවෙන්ම 4K වීඩියෝ රූගත කිරීම සඳහා සහාය දක්වනවා. ඒ වගේම මෙය නිකුත්වන්නේ Android Kit Kat 4.4.4 මෙහෙයුම් පද්ධතිය සමඟිනි. කෙසේ වුනත් මේ වනතෙක් මේ වන Galaxy Alpha ජංගම දුරකථනයේ මිල හෝ වෙළඳපලට නිකුත් වන දිනය පිළිබඳව සඳහනක් නැහැ. නමුත් නිල නොලත් ආරංචි මාර්ග වලින් වාර්ථා වන පරිදි නම් Samsung Galaxy Alpha සැප්තැම්බර් මාසයේදී වෙළඳ පලට නිකුත් වනු ඇති.


BMW කියන්නේ ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වුණු මෝටර් රථ නාමයක්.  සිය නිෂ්පාදන වල උසස් බව නිසාම මෝටර් රථ වෙළඳපලේ හොඳ නාමයක් දිනාගන්නටත් BMW සමාගමට හැකි වුණා.
ඒ අතිවිශිෂ්ඨ මෝටර් රථ නිෂ්පාදන අතරට එක්වුනු අලුත්ම සාමාජිකවා තමයි BMW i8 කියන්නේ. බැලු බැල්මටම පෙනෙනවා ඇති නේද මේ මෝටර් රථයේ විශේෂත්වය.
පසුගිය දවසක ඇමරිකාවේදී පැවති විශේෂිත වෙන්දේසියකදී මේ BMW i8 මුල්ම මෝටර් රථ කිහිපය විකුණා දැමුනා. සාමාන්‍ය වෙළඳපල මිල මෙන් 6 ගුණයකටත් වැඩි මිලකට එහිදී මේ මෝටර් රථ වෙන්දේසි වුනා. එම වෙන්දේසිය වෙනුවෙන්ම විශේෂ වර්න සංයෝජන හා තාක්ෂණික උපක්‍රම යොදාගනිමින් නිමවා තිබූ BMW i8 මෝටර් රථය අලෙවි වුනේ ඇමරිකානු ඩොලර් 825 000කට යි. ඒ මුදල රුපියල් වලින් නම් කෝටි 11කට ආසන්න මුදලක්.

කාබන් මිශ්‍ර ඇලුමිනියම් වලින් තනා අැති මෙහි හයිබ්‍රිඩ් එංජිමට තත්පර 4.4කදී පැයට කිලෝමීටර් 100ක දක්වා වේගයක් ලබාගත හැකියි. සිය ගණනක් වූ විවිධ ධාවන විධි අතුරින් ඔබ කැමති ධාවන ආකාරයට, වේගයෙන් හා පහසුවෙන් මේ මෝටර් රථය ධාවනය කරන්න ඔබට හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ එක් බටන් එකක් එබීමෙන් ඔබට තියුණු වේගවත් ධාවන විලාශයක සිට සුවපහසු ධාවන විලාශයකට මාරුවෙන්න පුළුවන්.

ඒ වගේම පරිසර හිතකාමී මෝටර් රථයක් ලෙසත් මේ නව මෝටර් රථය හඳුන්වන්න පුළුවන්. සාමාන්‍ය මෝටර් රථයක කාබන්ඩයොක්සයිඩ් විමෝඡන අනුපාතයට වඩා අඩු කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයකුයි මේ මෝටර් රථයෙන් විමෝචනය වන්නේ..

Four Wheel Drive වාහනයක් වන මෙහි ගියර් පද්ධති 2ක් සහිත අතර ඉලෙක්ට්‍රොනික මෝටර් 3ක්ද ඇතුලත්. මීට අමතරව විදුලි බලය සඳහා කිලෝග්‍රෑම් 200ක් පමණ වන ලිතියම් අයන් බැටරියක්ද ඇතුලත්.

BMW i8 මෝටර් රථය ලබන වසරේ දී වෙළඳපලට නිකුත්වීමට නියමිත වුවත්, සාමාන්‍ය වාහන මිලදීගන්නා පාරිභෝගිකයින් අතර මේ මෝටර් රථය කෙසේ ව්‍යාප්ත වේදැයි සිතන්නට නම් අපහසුයි... ~!

Click Here Watch Video

Wednesday, August 20, 2014






  • ඔන්න මම අද ඉදලා Tech ගැන ලිපි දැමීමට පටන් ගත්තා.. හොදඉනම් Comment කරලා යන්නකෝ...



  • හර්ෂණගේ අඩවිය බ්ලොග් එකේ පෝස්ට් දැමීමට ඔබත් කැමතිනම් ඔබගේ e-mail එක Comment කරන්න..
  • පොස්ට් එකේ අයිතිකරුගේ අයිතිය සුරක්ෂිත කරනු ලැබේ..
තාක්ෂණික ලෝකය සීග්‍රයෙන් දියුණු වෙමින් තිබියදී Jaguar Land Rover විසින් අපූරූ තාක්ෂණික නිර්මාණයක් හඳුන්වා දී තිබෙනවා. Virtual Windscreen යන සංකල්පය හරහා දියුණු වූ මේ නව තාක්ෂණය මඟින් වාහනයක රියැදුරුට අවශ්‍ය දත්ත වාහනයේ Windscreen එක මත සටහන් වනු ඇති. ඒ අනුව තමන් පසුකර යන වාහනයක වේගය, ඉදිරියෙන් ඇති මාර්ග බාධක, මාර්ග සිතියම ඇතුලු තවත් බොහෝ දේ Windscreen එක මතට ප්‍රක්ශේපනය කිරීමට හැකියාව ලැබී ඇත.
මීට අමතරව හස්ත සංඥා මඟින් විවිධ විධාන ලබා දීමටත් මේ නව තාක්ෂණය භාවිතයෙන් හැකියව ලැබී ඇත. මේ සියල්ලටම වඩා බාධක මඟහැර, උපරිම වේගයකින් හා අවම ඉන්ධන භාවිතයක් සිදුවන පරිදි වාහනය ධාවනය කළ යුතු මාර්ගය ද තිරය මත සටහන් කිරීමට මේ තාක්ෂණයට හැකියාව ඇත. කෙසේ නමුත් මේ වන තෙක් Virtual Windscreen තාක්ෂණය සහිත Jaguar Land Rover රථය සාමාන්‍ය භාවිතයට නම් ලබාදී නැහැ. එසේ වුවත් මේ සුපිරි මෝටර් රථය නුදුරේදීම වෙළඳ පළට නිකුත් කිරීමටද තමන් සූදානම් බව Jaguar සමාගම පවසයි.
කෙසේ වුවත් Google විසින් පසුගිය දිනක හඳුන්වා දුන් සම්පූර්ණ ස්වයංක්‍රීය මෝටර් රථයට තරඟයක් දීමට මේ නව මෝටර් රථයට හැකිවේදැයි යන්න ගැටළුවක්...

Click Hear Watch Video


Air Bags කියන්නේ රිය අනතුරකදී රියදුරුට හො මඟීන්ට සිදුවන හානි වලක්වා ගන්නට තිබෙන ආරක්ෂණ ක්‍රමයක්. අනතුරක් සිදුවූ වහාම AirBags ප්‍රසාරණය වෙලා ඝට්ඨනයෙන් සිදුවන හානිය අවම කරනවා. ඒත් සාමාන්‍යෙයන් රිය අනතුරකදී යතුරුපැදි ධාවකයින්ට නම් මේ වනතෙක් ඒ වගේ ආරක්ෂණ විදියක් තිබුනේ නැහැ. නමුත් දැන් ඒ වෙනුවෙන් Ducati Multistrada 1200 S Touring D Air එක නිකුත් වෙලා.
AirBag එකක් ප්‍රසාරණයට ගතවන්නේ ඉතාමත් කුඩා කාලයක්. අනතුරකදී මිලි තත්පර 45ක් වැනි අතිශය කුඩා වේලාවකදී ප්‍රසාරණය වී ඝට්ඨනයෙන් සිදුවන හානිය අවම කරන්නට මේ ඇඳුමට හැකියාව තියෙනවා.
ඉතාලි සමාගමක් විසින් නිපදවන ලද මේ මේ ආරක්ෂත කබාය මෝටර් සයිකලයේ ඉදිරිපස හා පසුපස suspension system එකට සම්බන්ධ කරලයි තියෙන්නේ. විශේෂත්වය නම් මේ ආරක්ෂත කබාය මෝටර් සයිකලයට සම්බන්ධ වෙන්නේ wireless ආකාරයට වීමයි.
මීට අමතරව Ducati D Air මඟින් ආරක්ෂිත කබාය හැඳ සිටින පිටුපසින් ගමන් ගන්නා මීට අමතරව Ducati D Air මඟින් ආරක්ෂිත කබාය හැඳ සිටින පිටුපසින් ගමන් ගන්නා අයෙකුට වුනත් ආරක්ෂාව සපයනවා. කබාය ඇඳ සිටින විට පපුව, පිටුපස හා උරහිස් සඳහා ආරක්ෂාව ලැබෙනවා වගේම මුහුණට මුහුණ ගැටීමක්, පසුපසින් ගැටීමක් වගේම ලිස්සා යාමකදී සිදුවන අනතුරකදී වුවත් ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා උපරිම ආරක්ෂාව සපයන්නට මේ ආරක්ෂිත කබාය සමත්...


ඔබ ඔබේ මෝටර් රථය හෝ මෝටර් බයිසිකලය ධාවනය කරන ආකාරය මෙන්ම මෝටර් රථයේ තත්වය අනුව වැයවන ඉන්ධන ප්‍රමාණය වෙනස් වේ. පහතින් දැක්වෙන්නේ ඉන්ධන මෙන්ම මුදල් ද ඉතුරකරගත හැකි විදි කිහිපයකි.
1. කෙටි ගමන් වාර අඩු කිරීම.
සාමාන්‍යෙයන් වාහනයක් ගමනාරම්භයේ දී හා කෙටි ගමන් වලදී වැඩි වශයෙන් ඉන්ධන භාවිත කරයි. එනම් එංජිම නිෂ්චිත උෂ්ණත්වයට පත් වන තෙක් වාහනය නිසි පරිදි කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක නොවේ. සාමාන්‍යයෙන් කිලෝ මීටර් 5කට අඩු ගමන් වාර වලදී වාහනය නිසි උෂ්ණත්නයට පත් වීමට තරම් ප්‍රමාණවත් කාලයක් නොලැබේ. ඒ නිසා කෙටි ගමන් වාර ප්‍රමාණය අඩු කිරීමෙන් වාහනයේ ඉන්ධන අරපිරිමැස්ම සඳහා බෙහෙවින් දායක වේ.

2. නිවැරදි ගියරයේ (Gear) ධාවනය කිරීම.
අවශ්‍ය ගියරයට වඩා අඩු ගියරයක ධාවනය කිරීම වැඩි වශයෙන් ඉන්ධන දහනය සඳහා හේතු වේ. ඒ නිසා manual වාහනයකනම් වාහනය ධාවනය පහසු වන සෑම විටම ගියරය ඉහළ දැමීමත්, අනවශ්‍ය පරිදි accelerator එක තද නොකිරීමත් යෝග්‍ය වේ.
Automatic ගියර් සහිත වාහනයක අවශ්‍ය පරිදි ගියර් ඉහළ දැමීමේ කාර්යය ස්වයංක්‍රීයව සිදු වුවත් නිතර නිතර වේගය අඩු කිරීම, නැවැත්වීම වැනි දේ නිසා සාපේක්ෂව වැඩි ඉන්ධන ප්‍රමාණයක් වැය වේ.

3. මෘදු ලෙස ධාවනය කරන්න.
විටින් විට නවත්වමින් ධාවන කිරීමට වඩා එක දිගට නියත වේගයක ධාවනය කිරීම ඉන්ධන භාවිතය අතින් හිතකර දෙයක්. ඒ නිසා හැකි තරම් වාහන තදබදය අඩු මාර්ග හෝ අධිවේගී මාර්ග වල ධාවනය පෙළඹෙන්න.

4. එංජිම පණගන්වා නවත්වා තැබීමෙන් වලකින්න.
බොහොමයක් මොටර් රථ එංජිම පණගන්වා රත් වීමට තැබිය යුතු නැහැ. එය සම්පූර්ණයෙන්ම ඉන්ධන නාස්තියක්. එමෙන්ම වාහනය ධාවනය කරන විටත් කෙට් වෙලාවකට හෝ නවත්වා සිටී නම් එංජින අක්‍රිය කිරීම සුදුසුයි. බොහෝ දෙනෙකු සිතන්නේ එංජිම පණගැනවීමේදී අධික ඉන්ධන ප්‍රමාණයක් වැය වේ යැයි කියායි. එහෙත් නවත්වා ඇති විට එංජිම පණගන්වා තබනවාට වඩා එංජිම අක්‍රිය  කර තැබීමෙන් වැඩි ඉන්ධන ප්‍රමාණයක් ඉතුරු කර ගත හැක.

5. අධික වේගයෙන් යාම නුසුදුසුයි.
පැයට කිලෝමීටර් 90ක (90 km/h) වේගයට පසුව අධික ලෙස ඉන්ධන වැය වේ. 110 km/h කදීට වඩා සියයට 25ක් පමණ ඉන්ධන ප්‍රමාණයක් අඩුවෙනුයි 90 km/h දී වැය වන්නේ.

6. වායුගතික ප්‍රතිරෝධය අඩු කිරීම.
වීදුරු විවර කර තැබීම, roof racks හා spoilers සවි කිරීම වැනි දේවල් නිසා වායු ප්‍රතිරෝධය අධික වී ඉන්ධන භාවිතාව වැඩිවේ. වහලේ යම් දෙයක් රැගෙන ගෙන යාමට ඇත්නම් එය අනාකූල ලෙස වායු ප්‍රතිරෝධය අඩු වන පරිදි පටවා ගෙන යාමෙන් ඉන්ධන භාවිතාව සියයයට 20ක් දක්වා අඩු කර ගත හැක.

7. ටයර් පිළිබඳ සැලකිලිමත් වීම.
සෑම විටම ටයර් වලට උපරිම ප්‍රමාණයට වායු පීඩනය ලබාදී ධාවනය කරන්න. එමෙන්ම වාහනයේ රෝද නිවැරදිව align වී ඇත්දැයි තහවුරු කරගන්න. ටයර් පිළිබඳව සැලකිලිමත් වීමෙන් ඔබේ ඉන්ධන ඉතුරු වනවා මෙන්ම ටයර් වල ආයුකාලයද වැඩිවීමට හේතු වනවා.

8. නිවැරදිව A/C භාවිත කරන්න.
සාමාන්‍යෙයන් වායුසමීකරණය සඳහා සියයට 10 පමණ අමතර ඉන්ධන ප්‍රමාණයක් වැයවේ. එහෙත් 80 km/hකට වඩා වැඩි වේග වලදී වීදුරු විවර කර යනවාට වඩා වායුසමීකරණය on කර ධාවනයේ යෙදීම සුදුසුයි. මන්ද වීදුරු විවර කිරීමෙන් ලැබෙන වායු ප්‍රතිරෝධය නිසා වැය වන ඉන්ධන ප්‍රමාණය සාපේක්ෂව ඉහළයි. ඔබ වාහනයෙන් ගමන් ආරම්භ කරන විට වාහනයේ ඇතුලත උෂ්ණත්වය ඉහළ නම් මිනිත්තු 5ක් වැනි කෙටි කාලයක් වීදුරු විවර කර අනතුරුව වායුසමීකරණය ක්‍රියාත්මක කිරීම සුදුසුයි.

9. හැකි තරම් බර අඩුවෙන් ධාවනය කිරීම.
රැගෙන යන බර ප්‍රමාණය වැඩි වන විට නිතැතින්ම වැය වන ඉන්ධන ප්‍රමාණයද ඉහළ යයි. මෝටර් රථය ගබඩා කාමරයක් ලෙස භාවිත කරන්න එපා. අනවශ්‍ය උපකරණ, ක්‍රීඩා භාණ්ඩ වැනි දේ අවශ්‍ය විට පමණක් වාහනයේ පටවාගෙන යාමෙන් ඉන්ධන නාස්තිය සැලකිය යුතු ලෙස අවම කර ගත හැක.

10. වාහනය සෑම විටම හොඳ තත්වයේ තබා ගන්න.
වාහනය නියම තත්වයේ තබා ගැනීමට නියමිත වේලාවට නඩත්තු කරන්න. නිෂ්පාදන ආයතනය විසින් නිකුත් කරන ලද පොතේ ඇති පරිදි නියමිත කාල වේලාවට සේවා (Service) කර නියමිත පරිදී එංජින් ඔයිල් මාරු කරන්න. නිෂ්පාදිත ආයතනය විසින් නියම කරන ලද පෙට්‍රල් පමණක් භාවිත කරන්න. Premium වර්ගයේ පෙට්‍රල් භාවිත කිරීමට නිපැයූ මෝටර් රථයක සාමාන්‍ය පෙට්‍රල් භාවිත කර ධාවනය කිරීමෙන් වැඩි පෙට්‍රල් හානියක් සිදුවනවා මෙන්ම වාහනයේ ජවය අඩු වීමටද හේතුවේ. එමෙන්ම සාමාන්‍ය පෙට්‍රල් සඳහා නිපදවූ මෝටර් රථයක Premium වර්ගයේ පෙට්‍රල් භාවිතයෙන් ඉන්ධන භාවිතය කාර්යක්ෂම බවක් සිදූවූවත් සාපේක්ෂව බලන කල එය ඉන්ධන සඳහා අමතර මුදලක් වැය කිරීමක්.
මේ දේවල් වලට අමතරව ඉන්ධන කාර්යක්ෂමව භාවිත කරන්නට ඔබට කළ හැකි දේ තිබෙනවා නම් එ්වා පහතින් දක්වන්න.
  • (c)මෙම එකේ මුල් අයිතිය Vimukthi Liyanage හට හිමි විය යුතුය..

Thursday, August 7, 2014


ඔන්න මම අද ගෙනවා ගොඩක් අයට නිතරම ඕනේ  වෙන  දෙයක් ගැනයි...
 වැඩි කතා ඕනෙ  නෑ මොකක් ගැනද කියන්නෙ කියලා Post Title එකෙන්ම පේනවානේ....




  • Dialog

Access Point Name (APN) - www.dialogsl.com
Home Page - www.dialogwap.com
IP Settings - 192.168.122.002
Port Number - 8080
User Name - Blank
Password  -  Blank


  • Airtel

Access Point (APN)/Home Page  - Airtel
IP Settings - 10.200.184.86
Port Number - 8080
Dial Up Number - *99#
User Name - Blank
Password  -  Blank

  • Mobitel

Access Point Name (APN) - mobitel3g
Home Page - http://wap.mobitel.lk
IP Settings - 192.168.050.163
Port Number - 8080
User Name - Blank
Password  -  Blank


  • Etisalat

Access Point Name (APN) - ebb
Home Page - http://wap.etisalat.lk
IP Settings - 192.168.104.4
Port Number -9401
User Name - Blank
Password  -  Blank


  • Hutch

Access Point Name (APN) - Hutch3g
Home Page - http://wap.etisalat.lk
IP Settings - 10.220.135.249
Port Number -8080
User Name - Blank
Password  -  Blank







  • #හොදයිනම් කමෙන්ටුවක් & ෂෙයා පාරක්  දාන්න ඒක ඉදිරියට පෝස්ට් දාන්න මට හයියක්...සුභ දවසක්!! ~ :-)



Monday, August 4, 2014


කිසිම softwear එකක් නැතිව  youtube Video download කරගන්න විදිහක් තමයි කියන්න හදන්නේ..මේ විදිහට mobile වලට සහ pc ඒකට download කරන්න පුළුවන්

pc සදහා =>
you tube video link ඒක copy කරගන්න
www.youtube.com/watch?v=wr3sd4__yHM&feature=g-vrec&context=G261e990RVAAAAAAAADQ

www. කොටස වෙනුවට ss යොදන්න
ssyoutube.com/watch?v=wr3sd4__yHM&feature=g-vrec&context=G261e990RVAAAAAAAADQ

දැන් මේ url ඒක address bar එකේ copy/past කරලා enter කරලා කැමති format එකක් බාවිත කරලා download කරගන්න

mobile සදහා =>

m.youtube.com/watch?v=wr3sd4__yHM&feature=g-vrec&context=G261e990RVAAAAAAAADQ
m. කොටස වෙනුවට ss යොදා ඉහත පියවර අනුගමනය කරන්න..



  • #හොදයිනම් කමෙන්ටුවක් & ෂෙයා පාරක්  දාන්න ඒක ඉදිරියට පෝස්ට් දාන්න මට හයියක්...සුභ දවසක්!! ~ :-)
ඔන්න තවත් software එකක් දෙන්නයි හදන්නේ tera copy නම වගේම තමයි වැඩත්....පෙන් වලින් data copy කරනකොට එහෙම මේක ගොඩක් වැදගත් වෙයි..මේකෙන් හොද වේගයකින්  data පරිගණකයට copy කරනවා ,පහල දාලා තියෙනවා pen එකෙන් copy කරනකොට ගත්ත  screen shot එකක් ..මේකේ වැඩ කොහොමද කියල අරගෙනම බලන්නකෝ .



 ටික දවසකට පස්සෙ තමා ආපහු බ්ලොග් එක පැත්තේ ආවා.....android භාවිත කරන යට වැදගත් වන දෙයක් තමයි අද කියන්න හදන්නේ...android හෝ වෙනත් ඕනෑම device එකක් wifi වලින් connect කරලා internet යන්න පුළුවන් විදිහක් තමයි අද කියන්නේ... software බාවිතා කරලා මේ වැඩේ කරගන්නත් පුළුවන්, එත් මේ ක්‍රමයේදී කිසිම සොෆ්ට්වරේ එකක් බවිත කරන්නේ නැතුව තමයි වැඩේ කරගන්න හදන්නේ...network and sharing center එකේ ad hoc එකක් හදල wifi වලින් connect කරලා internet share කරන්න පුළුවන් ඒත් එහෙම internet connect කරන්න පුළුවන් තවත් pc එකක් හෝ lap එකක් විතරයි..android device සදහා mini wifi එක active කරගන්න ඕනේ, ඒක කරගන්න විදිහ තමයි අද කියල දෙන්නේ...

පියවර 1

command prompt එකේ shortcut එකක් desktop එකට දාගන්න, එක උඩ right click කරලා run as administrator click කරන්න
මෙන්න මේ වගේ එකක් open වෙයි .


පියවර 2

netsh wlan set hostednetwork mode=allow ssid=MyWIFI key=mypassword

මේ කොටස type කරලා enter කරන්න , ඊටපස්සේ  පහත ආකාරයේ කොටසක් දැකගන්න පුළුවන් 
දැන් CMD එක close කරන්නේ නැතුව තියාගන්න....

පියවර 3

දැන් පහත රූප සටහන් අනුගමනය කරන්න >> open network and sharing center එකට යන්න 

පියවර 4

change adapter settings       click කරන්න .


පියවර 5

internet connect වෙන්න භාවිතා කරන connection එක උඩ right click කරලා properties වලට යන්න .


පියවර 6

sharing වල තියෙන check box එක check කරන්න.


මෙන්න මේ වගේ massage එකක් එනවා ඒක ok කරන්න.


පියවර 7

home networking connection එකේ තියෙන wireless network connection 2 කියන එක select කර ok කරන්න  


පියවර 3

 දැන් ඔබ බවිත කරන connection එකක් මගින් internet වලට connect වෙන්න
CMD එක on කරගන්න..පහත code එක enter කරන්න 

netsh wlan start hostednetwork

connection එක stop කරන්න ඕනෙනම් පහත සදහන් code එක enter කරන්න 
netsh wlan stop hostednetwork


දැන් වැඩේ ඉවරයි..  connection වල MyWIFI කියල එකක් තියෙනවනම් වැඩේ හරි ....



device එකේ wifi on කරලා search කලාම අපි හදපු wifi එක බලාගන්න පුළුවන්..ඔබ ලබාදුන්න password එක ලබා දෙන්න, දැන් ඔබේ  device එකෙන් lap එකක් හරහා internet connect වෙන්න පුළුවන්...එහෙනම් වැඩේ කරලම බලන්න..ජය වේවා !!

  • Post එක හොදයි නම්  Comment & Share කරලා සප් එකක් දෙන්ඩ  යාලුවනේ..






Translate

Popular Posts

ආව ගිය කට්ටිය ගණන

දැන්වීම්

Social Icons

Featured Posts

ඔබේ අදහස් අපට එවන්න

Name

Email *

Message *

Events

Harshana

දැන්වීම්

දැන්වීම්

සිoහල සහකරු

Featured Post (Slider)

About

Text Widget

Random Posts

Social Share

Flickr

Vertical1

Gallery

Vertical2

Recent comments

Sponsor

Flickr Images

Video of the Day

Recent Comments

Powered by Blogger.

Most Trending

Popular Posts