Saturday, September 6, 2014











ආයේ එන්න පන මාගේ
ආදරේ අරන්...
ජීවත් වෙන්න, ඈ වාගේ පාළුවේ තවත්

කදුලෙල් මවා නෙතේ, මොනවද අත් උනේ..
පවසන්න ඇයි මෙසේ, සෙනහස තාමත් නොහෙගුනේ
හෙ...හේ...

තනිකම මැදින් එදා.. සමනල් රටා මවා
වචනෙන් නොකී කතා, හොරකම් කලා ඔයා...
හීනෙන් හැඩුවේ.... දුකටයි රහසේ...
තනිවී දිවියේ......

ආයේ එන්න පන මාගේ
ආදරේ අරන්...
ජීවත් වෙන්න, ඈ වාගේ පාළුවේ තවත්

කදුලෙල් මවා නෙතේ, මොනවද අත් උනේ..
පවසන්න ඇයි මෙසේ, සෙනහස තාමත් නොහෙගුනේ
හෙ...හේ...

හසරැල් මතක් වෙලා, නිතතෙන් සුසුම් හෙලා..
කන්දුලෙන් නුවන් තෙමා.. දෙනෙතක් ගිලන් වෙලා..  
පූජාසනයේ  මා නම් පතුවේ...
ඔබමයි සසරේ.........................

ආයේ එන්න පන මාගේ
ආදරේ අරන්...
ජීවත් වෙන්න, ඈ වාගේ පාළුවේ තවත්

කදුලෙල් මවා නෙතේ, මොනවද අත් උනේ..
පවසන්න ඇයි මෙසේ, සෙනහස තාමත් නොහෙගුනේ
හෙ...හේ............. ~


                                                                                                              

                        






-Harshana Senevirathna-

පැතු සෙනෙහේ සේයාරූ මහදේ තියා...
ඇදි සිතුවම් හොරෙහින් මා ළගටම තුරුල් වෙලා..
හිත පතුලට උණුසුම් සුසුමක් අවිදින් සොයා..

ඒ සෙනෙහේ තමත් නෑ හීනයක් වෙලා....

කොලම් කරන් ආවත් හිත යට ගුලි වෙමින්....
හිමි නොව වදන් මතකද නිල් අහසට තරම්...
         
නොනිදා නෙතේ නවතී නම්....
හිත ඈතින් ඈතට ආවද ළන් වෙලා......

ඇපි හීනෙන් හීනෙට පාටක් ගැවිලා........

මායම් හිතේ ආදර හැගුමන් තවරමින්
හුස්මක් දුරින් නැවතුනු හැටි පුදුමයි ඉතින්....

රැදෙනා හිතේ.... සුසුමක් තරම්...
සන්සාරෙම හුරු ඒ සුවදේ පැටලිලා..
.
මගෙ ජීවිත ගමනට ඔය නෙතු ඉගි කලා.....

පැතු සෙනෙහේ සේයාරූ මහදේ තියා...
ඇදි සිතුවම් හොරෙහින් මා ළගටම තුරුල් වෙලා..
හිත පතුලට උණුසුම් සුසුමක් අවිදින් සොයා..

ඒ සෙනෙහේ තමත් නෑ හීනයක් වෙලා.........~

       



- Harshana Senevirathna -                                                                                                      *# Anu 

                               

                                                                                                                                              

                                                               

Visit 2000 ක් සම්පුර්ණ කල මේ වෙලාවේ මුලින්ම මගේ බ්ලොග් අඩවියට පැමිණි ඔබ සැමට මාගේ හද පිරි ප්‍රණාමය පිදිය යුතුය...


ඉදිරියටත් හර්ෂණගේ බ්ලොග් අඩවියත් සමග එක්ව සිටී යැයි මම බලාපොරොත්තු වෙමි.
ඒ වගේම මෙතෙක් කල් නන් අයුරින් උදව් කල සැමට මාගේ හද පිරි ප්‍රණාමය නැවතත් පිදිය යුතුය...


 *#Anu

Android වල තියන Lock එක පරිගණකයට දාමු.. රූපෙ දැක්කම ගොඩක් අය මේ Android Lock එක දන්නවා...
මේක පොඩිම සොෆ්ට්වෙයා එකක්..වින්ඩෝස් පරිගණක සදහා මෙය බාවිතා කරන්න පුලූවන්

මේ Lock එකේ නියම දේවල් ගොඩක් තියනවා..

අපිට මේකේ සෙටින්ග්ස් වලින් හදාගන්න පුලුවන්. මේකෙ පරිගණකය On වෙද්දිම එන විදිහට හදා ගන්න පුලුවන් ඒ වාගෙම මේකෙ පාස්වර්ඩ් එක 3 සැරයක් වැරදියට ගැහුවොත් එලාම් එකක් ඇහෙනවා ඒක විනාඩියක් විතර ඇහිලා නවතිනවා...

බලන්න ස්ක්‍රීන් ශොට් එකක්..

  • Try It...
  • Comment

Wednesday, September 3, 2014

මාර ප්‍රශ්නයක් නේ.................
.ඔයා 1st shy කරන කෙනෙක් නම්,2nd, 3rd shy කරන අයට වඩා ඔයාට වෙලාව තියෙන්නේ ගොඩක් අඩුවෙන්.ඉස්කෝලෙ ගිහින් clz cut ගිහාම වෙලාවක් ඉතුරු වෙන්නේ නැති තරම්.ඒ නිසා මුල් කාලෙදිම වැඩ කරනව නම් පස්සෙ වැඩ ගොඩ ගැහෙන්නෙ නෑ. 
time table 1 කට වැඩ කරන්න පුළුවන් නම් හොඳයි. එහෙම බැරි නම්,සතියකට කරන්න ඕන වැඩ (ඔයාට පුළුවන් ප්‍රමාණයට) ලියාගෙන කරන වැඩ tick කරගන්න.
ඔක්කොටම කලින් A/l ගොඩ දාගන්න වැඩ කරනවා කියලා හිත හදා ගෙන ඉන්න...
Bio - පාඩම් කරන්න තියන පුමානය ගොඩක් වැඩි නිසා කට පාඩම් කරන්න ගියොත් වැඩ අනා ගන්න තමයි වෙන්නෙ! clz එකේ හරි schl එකේ හරි දැන් කරන පාඩම් වලට short notz ඒ කාලෙදිම හදන්න.short notz කියන්නේ notz පොඩි අකුරු වලින් ලියන එකට නෙමේ..... උදාහරනයක් : ඔයා ආහාර ජීරණ පද්ධතිය පාඩම් කරනවා නම් ඒකේ පැහැදිලි රූප සටහනක් (පාට කරන්න-එතකොට මතක හිටින ප්‍රමාණය වැඩියි) ඇදලා ඊතල ගහලා ,නම් කරන්නැතුව හිස් තියන්න.ඔයා පාඩම් කරන වෙලාවට එ් රූපෙ දිහා බලා ගෙන ඒ කොටස් ඒාගේ කෘත්‍ය, තියන එන්සයිම..... ඔක්කොම මතක් කරන්න. 
mathes -Theoryය තේරුම් අරන් ගොඩාාාාක් ගනන් හදන්න.හැබැයි 1 වගේ ගණන් 100 ක් හදලා වැඩක් නෑ.යාළුවන්ගේ clz වල දෙන ගණනුත් හොයා ගෙන හදන්න.free periodz වල aftr schl එහෙම set වෙලා වැඩ කරනව නම් හොඳයි. 
chem - පාඩම් කරන්න දේවල් තියනවා ගොඩක් අන්තිම පාඩම් වල.(කර්මාන්ත,පරිසරය,inorganic.........)shrt notz හදා ගන්න 1 ඇඟට ගුණයි!
p6 - ගනන් හදන්න අතයවශ්‍ය සමීකරණ ටිකයි පොඩිTheory කෑලි ටිකයි දාලා shrt not 1ක් හදන්න.පුළුවන් තරම් pprs කරනවා නම් හොඳයි.
 subject 3 ටම කරලා තියන පාඩම් වල past paper ප්‍රශ්න කරන්න... 
Good Luck............!!






 ඇස, කණ, නාසය, දිව, සම යන සංවේදී අවයව පහෙන්ම මොලයට ඇතුලු වෙනු ලබන තොරතුරු සමූහයම මතකයේ රැන්දෙන්නේ නැහැ. විභාගයකට සූදානම් වීමට ප්‍රථම තමාගේ මතක ශක්තිය හොඳ මට්ටමකට ගෙන ඒමට මතක වර්ධනය වන දේ කල යුතුයි. සුළු වේලාවක් හා දීර්ඝ කාලයක් මතකයේ රැදෙන විවිද තොරතුරු ස්වභාවයෙන්ම අපගේ මානසික සෞඛ්‍ය යහපත් වීම සදහා මතක ගබඩාවේන් කාලයත් සමග අමතක වී යනවා.නමුත් විභාගයකට සූදානම් වන්නෙකුට ‍වගේම ඕනෑම අයෙකුට යම් තොරතුරු ප්‍රමාණයක් දීර්ඝකාලීනව තම මතකයේ තබාගැනීමට එම මතක තබා ගන්නා ලද තොරතුරු නැවත ස්මරණ කිරීම සහ යාවත්කාලීන වීම වැදගත් වනවා. ඒ සදහා ඔබට මෙම තොරතුරු වැදගත් වේවි.


01: ඔබ අධ්‍යයන විෂයට හා එම මාතෘකාවට ඔබගේ සම්පූර්ණ අවධානය යොදවන්න.

මතකයේ ප්‍රධානම ලක්ෂණය අවධානයයි. ඔබට අවධානය නොමැතිව කිසිඳු දෙයක් ඉගෙනීමට නොහැකිය.යම් තොරතුරක් මුලින්ම කෙටි කාලීණ මතකට පවා ඇතුලත් වීමට අවධානය කියන දේ අවශ්‍යයි. ඔබ අවධානය යොදනු ලබන ප්‍රමාණය මත සහ ක්‍රම මත එම තොරතුරු කෙටි කාලීණ මතකයේ සිට දීර්ඝකාලීණ මතකයට යනු ලබන ප්‍රමාණය තීරණය වේ.ඔබට අවට පරිසරයේ උස් හඩක් පවා නොඇසෙන තරමේ අවධානයක් යෙදවිය හැකිනම් අනිවාර්යෙන්ම එම තොරතුරු ඔබගේ දීර්ඝ කාලීන මතකයේ රැදෙනු ඇත. කෙසේ වෙතත් ඔබගේ උනන්දුව මත අවධානය වෙනතකට යොමු වන දේවල් වලින් ඈත් වීම සිදුවේ.රූපවාහිණිය නරඹණ ගමන් සහ රේඩියෝවට සවන් දෙන ගමන් හොඳින් පාඩම් කරන විට අපගේ සම්පූර්ණ අවධාණය කොටස් ‍වලට බෙදීයයි. මතකයෙහි ඉහල ‍ප්‍රතිඵල ලැබීමට නම් එක් වරකට එක්දෙයක් පමණක් කල යුතුය.

02: තොරතුරු සියල්ලම කටපාඩම් කිරීමෙන් වලකින්න.

ඔබ යම් විශය කරුනක් ඉගෙනීමේදී එහි ඇති සියලුම විශය කරුණු රාශියක් කටපාඩම් කිරීමෙන් ඔබට නිසි ප්‍රතිඵල අත්නොවෙනු ඇත. කල යුත්තේ යම් දෙයක් පාඩම් කරණවිට හැකිතරම් එයට සම්බන්දව අභ්‍යාසයන්ගේ නිරත වීමයි. මුලින්ම එයට අදාල විශය කරුණු සියල්ලක්ම කියවා එහි ඇති රූප සටහන් පිළිබඳ ඔබගේ අවදානය යොමු කර රූප සටහන් හා මුලික සිද්ධාන්ත මූලික ප්‍රභවය නොබලා කිහිප විටක් මෙනෙහි කරන්න. වචන වලට වඩා ඉතා විශාල කාර්යයක් රූප මගින් සිදු කරයි. සාම්ප්‍රදායික ආකාරයට එහි සෑම කොටසක්ම කිය‍වාගෙන යාම වෙනුවට හැකි තරම් එයට ආධාරක එක්කොට ගනිමින් එම කාර්යය යම් විනෝදයක් ගෙන දෙන ආකාරයට සිදු කිරීම ඔබේ මතකයේ වෙහෙසකාරී දත්ත ගබඩාව පහසු කරවයි.
ගණිතය ඉගෙනීමේදී එක් එක් සංකල්පයට අදාලව යම් අභ්‍යාස ප්‍රමාණයක් ඔබ කල යුතුය එවිට බොහෝවිට එක හා සමාන ගැටලු විසදීම සිදු කරන්න,පසුව සියලුම සංකල්ප එකිනෙක සම්බන්ද කරමින් එන ගැටලු විසදන්නා එවිට සියලුම විශය කරුණු හොඳින් මතකට ඇතුලු වීම වගේම එම කරුණු නැවත ස්මරණ හැකියාවද වැඩිදියුනු වේ.

03. යම් ක්‍රමාණුකූල සැලැස්මකට කරුණු පෙළ ගස්වන්න.

මෙහිදී කෙරෙනුයේ යම් තොරතුරු සමූහයක් වඩාත් සරල හා ක්‍රමාණුකූල කිරීමයි.මෙහිදී සමාන තොරතුරු එක් කොට වගු, රූප සටහන්,විවිද වර්ණ මගින්ද කරුණූ ගොණු කිරීමේදී තරු/ඉලක්කම්, ප්‍රස්තාරද හැකිනම් තාක්ෂණික ක්‍රද උපයෝගී කරගන්න.

04: තාක්ෂණික සහ ආදේශක භාවිත කරන්න.

පටිගත කරන ලද හඬ පට වලට නැවත නැවත සවන්දීම, එම විශය කරුනට අදාලව වීඩියෝ පට බැලීම, යම් විශය කරුණක් යම් ගීතයක තාලයට හෝ විහිලුවකට ආදේශ කොට කරුණු මතකයේ රදවා ගැනීම ඉතාම සාර්ථකයි.

05: නැවත නැවත ස්මරණය කිරීම

අධ්‍යයනය කරන ලද විශය කොටස් නැවත පරීක්ෂා කර ආවර්ජනය කරමින් ක්‍රමාණුකූලව සහ පිලිවෙලකට ලිවීම මගින් දැනට ඔබට ධාරණය වී ඇති ප්‍රමාණය සම්බන්දව ඔබට නිශ්චිත අවබෝදක් ලබාගත හැකිය.

06: අධ්‍යයනය කරණ ලද හා අලුතින් අධ්‍යයනය කරන දේ නිරන්තරයෙන් සන්සන්ධනය කරන්න

අලුත්දෙයක් අධ්‍යයනය කරන විට ඊට අදාල වන්නාවූ ඔබ කලින් හදාරා ඇති අත්දැකීම් තුලින් ඔබගේ අවබෝදය තිව්ද්‍ර කරගන්න

07: හැදෑරු සියල්ල ක්‍රමාණුකූලව මනසින් මෙනෙහි කරන්න.

මෙය පුරුද්දක් වශයෙන් කළහොත් අප නොදැනුවත්වම වුවද මෙය සිදු වේ. යම් විෂය කරුණක් සම්බන්දව වන සියලුම විශය කරුණු අපිට තනි රූපයකින් හා ක්‍රමාණුකූල ආකාරයකට සියලුම කරුණු ගලා එන ලෙස නැවත ස්මරණය කිරීමෙන් කෙටි කාලීන මතකයේ තිබෙන එම කොටස් දීර්ඝ කාලීන මතකයට ගමන් කිරීම වේගවත් වේ.

08: ඔබ දන්නා දේ නොදන්නා කෙනෙකුට කියා දෙන්න.

මෙමගින් තමන උගත් සියලුම විෂය කරුනු වඩා ස්ථාවර වන අතරම ආත්ම විෂ්වාසයද තර වේ.

09: අපහසු විශය කෙරෙහි වැඩි අවධානය

ඔබගේ සාමාන්‍ය අවබෝදය වන වේගයට වඩා වැඩි ආයාසයක් යොදා තේරුම් ගත යුතු විෂය කොටස් වැඩි අවධානයක් හා ඉහත සඳහන් විශේෂ ‍ඉගෙනුම් ක්‍රම හා මතක තබා ගැනීමේ ක්‍රම වැඩි වශයෙන් යොදා වැඩිපුර අභ්‍යාසයන්හි නිරත වන්න.

10: ඉගෙනුම් ක්‍රියාවලිය උදෙසා තමන්ගේම ක්‍රමයක් භාවිතා කිරීම.

දින චර්යාව, පෞරුෂය, රුචි අරුචිකම් මෙන්ම අධ්‍යයන ක්‍රියාවලින් ද පාඩම් කරන ස්ථානය, මාද්‍ය,ආකාරය සහ වේලාව වැනි දේ එකිනෙකාට විවිධ වේ. එම නිසා තමන්ට ගැලපෙන තමන්ටම සුවිශේෂී ක්‍රම තිබීම ස්වයං අධ්‍යනයේ සාර්ථකත්වයට ඉතා ප්‍රබල ලෙස හේතු වේ.

  • උපුටා ගැනීමකි.

Translate

Popular Posts

ආව ගිය කට්ටිය ගණන

දැන්වීම්

Social Icons

Featured Posts

ඔබේ අදහස් අපට එවන්න

Name

Email *

Message *

Events

Harshana

දැන්වීම්

දැන්වීම්

සිoහල සහකරු

Featured Post (Slider)

About

Text Widget

Random Posts

Social Share

Flickr

Vertical1

Gallery

Vertical2

Recent comments

Sponsor

Flickr Images

Video of the Day

Recent Comments

Powered by Blogger.

Most Trending

Popular Posts