Thursday, August 28, 2014

 8/28/2014 08:15:00 PM         No comments
ලාබ ප්ලාස්ටික් වලින් නිමවූ ජංගම දුරකථන වෙනුවට ලෝහ වලින් නිමවූ ප්‍රථම ජංගම දුරකථනය පසුගිය දා Samsung සමාගම විසින් නිකුත් කෙරුනා. Galaxy Alpha ලෙසින් නම් කරලා තියෙන මේ ජංගම දුරකථනය නුදුරේදී නිකුත් වීමට නියමිත iPhone 6 හා තරඟයට නිකුත් කරන ලද්දක් විදියටයි හැඳන්වෙන්නේ. iPhone 6 හි මෙන්ම අඟල් 4.7ක තිරයක් සහිත මේ ජංගම දුරකථනයට 12 මෙගා පික්සල් කැමරාවක්ද ඇතුලත්.
ඒ වගේම මේ නව ජංගම දුරකථනයත් සමඟ සැම්සුන් සමාගම සිය දුරකථන Designs සඳහා අලුත්ම Flat Metal Design එකක් හඳුන්වා දීලා. එසේ වුනත් හැඩය නම් Galaxy S5 සමඟ බොහෝදුරට සමානකම් පෙන්වනවා.‍

Galaxy S5 හි අලුතෙන් හඳුන්වා දුන් WiFi හා LTE දෙකම එකවර භාවිත කල හැකි Download Booster, වැඩි බැටරි ආයුකාලයක් සඳහා උදව් වන Ultra Power Saving Mode වගේම Finger Print Scanner එකක් වැනි පහසුකම්ද ඇතුලත්.
මේ නව ජංගම දුරකථනය බලගැන්වෙන්නේ Octa Core (quad 1.8GHz and quad 1.3GHz) ප්‍රොෙසසරයකින් නිසා පහසුවෙන්ම 4K වීඩියෝ රූගත කිරීම සඳහා සහාය දක්වනවා. ඒ වගේම මෙය නිකුත්වන්නේ Android Kit Kat 4.4.4 මෙහෙයුම් පද්ධතිය සමඟිනි. කෙසේ වුනත් මේ වනතෙක් මේ වන Galaxy Alpha ජංගම දුරකථනයේ මිල හෝ වෙළඳපලට නිකුත් වන දිනය පිළිබඳව සඳහනක් නැහැ. නමුත් නිල නොලත් ආරංචි මාර්ග වලින් වාර්ථා වන පරිදි නම් Samsung Galaxy Alpha සැප්තැම්බර් මාසයේදී වෙළඳ පලට නිකුත් වනු ඇති.

0 comments:

Post a Comment

Translate

Popular Posts

ආව ගිය කට්ටිය ගණන

දැන්වීම්

Social Icons

Featured Posts

ඔබේ අදහස් අපට එවන්න

Name

Email *

Message *

Events

Harshana

දැන්වීම්

දැන්වීම්

සිoහල සහකරු

Featured Post (Slider)

About

Text Widget

Random Posts

Social Share

Flickr

Vertical1

Gallery

Vertical2

Recent comments

Sponsor

Flickr Images

Video of the Day

Recent Comments

Powered by Blogger.

Most Trending

Popular Posts